by Staff writer 29-04-2020 | 4:45 PM
COLOMBO (News 1st) : සුදු සීනි සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කළ බව, පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
ඒ අනුව සුදු සීනී කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 100 ක් ලෙසත්, සිල්ලර මිල රුපියල් 105 ක් ලෙසත් පනවා තිබිණ.
පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ, සුදු සීනි සඳහා උපරිම සිල්ලර මිලක් පනවමින් පෙර නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කළ බවයි.