by Staff writer 29-04-2020 | 6:46 PM
COLOMBO (News 1st) : බොලිවුඩයෙන් ලෝක සිනමාවට තිළිණ කෙරුණු විශිෂ්ට රංගන ශිල්පියෙකු වූ ඉර්ෆාන් ඛාන් අද උදෑසන අභවප්‍රාප්ත විය.
අවුරුදු 53 ක සිය ජීවිත කාලයෙන් අඩකටත් වැඩි කාලයක් සිනමාව වෙනුවෙන් කැපවූ ඔහු, සලාම් බොම්බේ සිනමා පටයෙන් බොලිවුඩ් සිනමාවට අවතීර්ණ වූයේ 1988 වසරේදීයී.
වරක් ඔහු, හොඳම නළුවා ලෙසින් ඉන්දීය ජාතික සම්මානයෙන් මෙන්ම පද්ම ශ්‍රී සම්මානයෙන්ද පිදුම් ලැබී ය.