ද. කොරියාවේ වැඩ බිමක ගින්නකින් සේවකයෝ 36ක් මියයති

ද. කොරියාවේ වැඩ බිමක ගින්නකින් සේවකයෝ 36ක් මියයති

by Sagarika Chathumali 29-04-2020 | 7:19 PM
COLOMBO (News 1st) : දකුණු කොරියාවේ ඉචියොන්හි ඉදි කරමින් තිබූ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ. දකුණු කොරිායානු බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ගින්නෙන් වැඩ බිමේ සේවකියින් 36 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි. මෙම අනතුරින් තවත් 10 දෙනෙකු තුවාල ලබා තිබේ. ගින්න හට ගෙන ඇත්තේ, ගොඩනැගිල්ලේ පහළ මාලයේ  ඉදි කිරීම්වලදී භාවිත කළ ගිනි ගන්නා සුළු ද්‍රව්‍යයක පිපිරීමකිනි. කෙසේ වෙතත් අනතුර සිදු වන අවස්ථාවේ වැඩ බිමේ පුද්ගලයින් 78 දෙනෙකු සේවය කරමින් සිට ඇති බැවින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවට සැක පළ වේ. ගින්න ඉතා සුළු වේලාවක් ඇතුළත ශීඝ්‍රයෙන් පැතිරී යාම හේතුවෙන් සේවකියින් මුදා ගැනීමේ  ද අපහසු වී ඇත.