අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීමේදී ප්‍රවේසමෙන්!

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීමේදී ප්‍රවේසමෙන්!

by Staff writer 29-04-2020 | 3:06 PM
COLOMBO (News 1st) : අන්තර්ජාලය ඔස්සේ නිවසට භාණ්ඩ බෙදා දෙන බව පවසමින් , ක්‍රෙඩිට් කාඩ් පත්වල දත්ත සොරා ගැනීමේ ජාවාරමක තොරතුරු අනාවරණය වෙමින් ඇතැයි, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි , තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල මහතා සඳහන් කළේ , එවැනි ව්‍යාජ වෙබ් අඩවි සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙමින් පවතින බවයි. අන්‍යතාව තහවුරු කළ නොහැකි, එවැනි වෙබ් අඩවිවලින් භාණ්ඩ මිලදී ගැනීමෙන් වළකින්නැයි, ඔහු ජනතාවට දැනුම් දෙයි. අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගත හැකි බව පවසමින් ජනතාවගෙන් මුදල් ලබාගැනීමට උත්සහා කළ ව්‍යාජ වෙබ් අඩවි කිහිපයක් අඩපණ කළ බව ද, රවිඳු මීගස්මුල්ල මහතා ප්‍රකාශ කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/231945267898423/