UPDATE : මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 600 ඉක්මවයි

UPDATE : මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 619ක් දක්වා ඉහළට..

by Sagarika Chathumali 28-04-2020 | 10:40 PM

COLOMBO (News 1st) Update 10.40pm : තවත් කොරෝනා ආසාදිතයින් 08දෙනෙකු හඳුනා ගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 619ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. අද(28) දින මේ දක්වා(10.30 PM) වාර්තා වූ ආසාදිතයින් ගණන 31කි ------------------------------------------------------------------------------------------------------------------ COLOMBO (News 1st) Update 8.20pm : තවත් කොරෝනා ආසාදිතයින් 12දෙනෙකු හඳුනා ගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 611ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. අද(28) දින මේ දක්වා(8.05 PM) වාර්තා වූ ආසාදිතයින් ගණන 23කි ------------------------------------------------------------------------------------------------------------------

COLOMBO (News 1st) Update 7.55pm : තවත් කොරෝනා ආසාදිතයින් 3දෙනෙකු හඳුනා ගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 599ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. අද(28) දින මේ දක්වා(7.30 PM) වාර්තා වූ ආසාදිතයින් ගණන 11කි ------------------------------------------------------------------------------------------------------------------- COLOMBO (News 1st) Update 5.12 pm : අද තවත් කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 596 දක්වා ඉහළ ගොස් තිබේ. අද දහවල් ද නව කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙකු හඳුනා ගැනිණ. අද දිනයේ වාර්තා වූ ආසාදිතයින් 8 දෙනාගෙන් 5 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර ඉතිරි තිදෙනා පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇත. මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, ස්පර්ශකයින් ද  ඇතුළුව නාවික හමුදා සාමාජිකයින් 206 දෙනෙකුට මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හහවුරු වී ඇති බවයි. මේ වනවිට කොරෝනා ආසාදිතයින්  455  දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර සුව වී  රෝහල්වලින් පිටව ගොස් ඇති ආසාදිතයින් සංඛ්‍යාව 134කි.