තවත් කොරෝනා ආසාදිතයින් 08ක් සුවය ලබයි

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 134ක් දක්වා ඉහළට

by Chathuranga Rajapaksha 28-04-2020 | 1:55 PM

COLOMBO (News 1st): තවත් කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 134ක් දක්වා ඉහළගොස් තිබේ. මේ වනවිට මෙරට තහවුරු කරගත් කොරෝනා ආසාදිතයින් ගණන 588කි. ඊයේ දිනයේදී පමණක් ආසාදිතයින් 65 දෙනෙකු වාර්තා වූ අතර එය මෙරට එක්දිනකදී හඳුනාගත් වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වේ. කොරෝනා ආසාදනය වීමෙන් මෙරට මියගිය රෝගීන් ගණන 7කි. කොරෝනා බවට සැකසහිත රෝගීන් 317 දෙනෙකු මේ වනවිට වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ගනිමින් සිටී.