වාද්දුව නිවසක අත්තිවාරමකින් නයි පැටවුන් 12ක්

වාද්දුව නිවසක අත්තිවාරමකින් නයි පැටවුන් 12ක්

by Staff writer 28-04-2020 | 2:08 PM

COLOMBO (News 1st): වාද්දුව, උඩුගල්ල ප්‍රදේශයේ නිවසක අත්තිවාරම යටින් නයි පැටවුන් 12 දෙනෙකු සොයා ගැනුණි.

මෙය වයෝවෘද්ධ පුද්ගලයකු තනිව වෙසෙන නිවසකි. එහි අත්තිවාරම යටින් නයි පැටවුන් 12 දෙනා සොයා ගැනුණේ, අසල්වැසි කාන්තාවක කළ දැනුවත් කිරීමකින් පසුවයි. ප්‍රදේශවාසීන් පැමිණ අත්තිවාරම හාරා නයි පැටවුන් පිටතට ගත්තේ ය. අප වාර්තාකරු පැවසුවේ නයි පැටවුන් ජාතික සත්වෝද්‍යාන බලධාරීන්ට භාරදීමට පියවර ගෙන ඇති බවයි.