මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 588ක් දක්වා ඉහළට

මෙරට එක්දිනක් තුළ හඳුනාගත් වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වාර්තා වෙයි: ආසාදිතයින් ගණන 588ක් දක්වා ඉහළට

by Staff writer 28-04-2020 | 6:36 AM

COLOMBO (News 1st) :  තවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 588 ක් දක්වා ඉහළගොස් තිබේ. ඊයේ දිනය තුළ වාර්තා වූ ආසාදිතයින් ගණන 65 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එය මෙරට එක්දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වේ.