by Staff writer 28-04-2020 | 11:05 AM
COLOMBO (News 1st): ගර්භණී මව්වරුන්ට අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ.
ඒ, කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් ය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, උණ, ලේ ගැලීම, දරුණු හිසරදය, හුස්ම ගැනීමේ අපහසුතාව, පෙනීම දුර්වල වීම, වලිප්පුව, පපුව සහ උදර වේදනාව, දරුවා දැගලීම අඩුවීම, ශරීරය ඉදිමීම හෝ වෙනත් තදබල අපහසුතාවක් වේ නම් වහාම රෝහල් ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු බවයි.
සායනවලට සහභාගී වන ගර්භණී මව්වරුන් කළින් වේලාවක් වෙන් කරගෙන ඒ සඳහා යාමට උපදෙස් දෙන බව ද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ ය.