ඉන්දියාවේ සිටි තවත් ලාංකිකයින් 164ක් දිවයිනට

ඉන්දියාවේ සිටි තවත් ලාංකිකයින් 164ක් විශේෂ ගුවන් යානයකින් දිවයිනට

by Staff writer 28-04-2020 | 2:29 PM

COLOMBO (News 1st): ඉන්දියාවේ සිටින තවත් ශ්‍රී ලාංකිකයින් 164 දෙනෙකු අද දිවයිනට පැමිණියේය.

විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසුවේ, ඒ සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවයේ යානයක් බැංග්ලෝර් බලා අද පෙරවරුවේ පිටත්ව ගිය බවය. අනතුරුව අද දහවල් 12.40 ට එම විශේෂ ගුවන් යානය මෙරටට ළඟාවිය. එලෙස දිවයිනට ගෙන්වා ගන්නා පිරිස දින 21 ක කාලයක් නිරෝධායනයට ලක් කෙරෙන අතර, PCR පරීක්ෂණ සඳහා ද යොමු කිරිමට කටයුතු කරන බව ද, අතිරේක ලේකම්වරයා පවසයි.