UPDATE : කොරෝනා ආසාදිතයින් ගණන 584ක් දක්වා ඉහළට

UPDATE : කොරෝනා ආසාදිතයින් ගණන 584ක් දක්වා ඉහළට

by Sagarika Chathumali 27-04-2020 | 9:40 PM

COLOMBO (News 1st) UPDATE 9.40PM - තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 584ක් දක්වා ඉහළගොස් තිබේ. අද දින මේ දක්වා(9.30 PM) වාර්තා වූ ආසාදිතයින් ගණන 61ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ......................................................................................................................................................................................

COLOMBO (News 1st) UPDATE 9.00PM - තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 582ක් දක්වා ඉහළගොස් තිබේ. අද දින මේ දක්වා(8.00 PM) වාර්තා වූ ආසාදිතයින් ගණන 59ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ......................................................................................................................................................................................

COLOMBO (News 1st) UPDATE 7.55PM - තවත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 581ක් දක්වා ඉහළගොස් තිබේ. අද දින මේ දක්වා(7.30 PM) වාර්තා වූ ආසාදිතයින් ගණන 58ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ....................................................................................................................................................................................... COLOMBO (News 1st) UPDATE 6.40PM: තවත් කොරෝනා ආසාදිතයින් 4 දෙනෙකු හඳුනා ගෙන තිබේ. ඒ අනුව අද දිනයේ  නව ආසාදිතයින්  48ක් හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 571 දක්වා ඉහළ යනු ඇති. ....................................................................................................................................................................................... COLOMBO (News 1st)4.50PM : මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, තවත් ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන කෝවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 567ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. අද දිනයේ වාර්තාවූ අසාදිතයින් 44 දෙනාම නාවික හමුදා සාමාජිකයින් ය.