කොරෝනා ආසාදිතයින්ගෙන් 180ක් නාවික සෙබළුන්

කොරෝනා ආසාදිතයින්ගෙන් 180ක් නාවික සෙබළුන්

by Sagarika Chathumali 27-04-2020 | 5:45 PM
COLOMBO (News 1st) : නාවික හමුදා සාමාජිකයින් 180 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඉන් සෙබළුන් 112ක් වැලිසර කඳවුරෙන් වාර්තා වන බවයි. ඉතිරි 68 දෙනා නිවාඩු ලබා සිටි නාවික සෙබළුන් ය. මේ අතර කොරෝනා වෛරසය ආසාදිතයින් හදුනාගැනීමේ PCR පරීක්ෂණ සඳහා විශ්වවිද්‍යාල 3ක පරීක්ෂණාගාර යොදාගැනීමට තීරණය කර තිබේ. සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙහිදී කියා සිටියේ, PCR පරීක්ෂණ ඉහළ නැංවිම වෙනුවෙන් එම තීරණය ගත් බවයි.