ලොව කොරෝනා ආසාදිතයින් මිලියන 3 පනී

ලොව කොරෝනා ආසාදිතයින් මිලියන 3 පනී

by Sagarika Chathumali 27-04-2020 | 4:45 PM
COLOMBO (News 1st) : ලෝකයේ නව කොරෝනා (කෝවිඩ් 19) වෛරස ආසාදිතයින් සංඛ්‍යාව  මිලියන 3 ඉක්මවා ගොස් තිබේ. ඒ අද පස්වරුව වනවිට ආසාදිතයින් සංඛ්‍යාව  ලක්ෂ 30 ඉක්මවා යාමත් සමගයි. කෝවිඩ් 19 ආසාදනය වීමෙන් ජීවිත අහිමි වූ පිරිස ලක්ෂ 2ක ඉක්මවා ඇති අතර වෛරසය ආසානයෙන් සුවය ලැබූ පිරිස ලක්ෂ 9කට ආසන්න ය. අමෙරිකා එක්සත් ජනපදය නව කොරෝනා වෛරසයේ වැඩිම බලපෑම් එල්ල වූ රට බවට පත් වන්නේ, මිලියනයකට ආසන්න ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වීමත් සමගයි. එරටින් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව පනස්පන් දහස ඉක්මවා ගොස් ඇත.