UPDATE :  කොරෝනා ආසාදිතයින් ගණන 505ක් දක්වා ඉහළට

UPDATE : කොරෝනා ආසාදිතයින් ගණන 505ක් දක්වා ඉහළට

by Sagarika Chathumali 26-04-2020 | 8:50 PM

COLOMBO (News 1st) UPDATE 10.00pm : තවත් කොරෝනා ආසාදිතයින් 20 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 505ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. අද(26) දිනයේ මේ දක්වා (රාත්‍රී 9.54) කොරෝනා ආසාදිතයින් 45ක් හඳුනාගෙන තිබේ.

COLOMBO (News 1st) UPDATE 8.50pm : තවත් කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 485ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. අද(26) දිනයේ මේ දක්වා (රාත්‍රී 8.00) කොරෝනා ආසාදිතයින් 25ක් හඳුනාගෙන තිබේ. ------------------------------------------------------------------------------------------------------------------------

COLOMBO (News 1st) UPDATE 6.45pm : තවත් කොරෝනා ආසාදිතයින් 6 දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් වාර්ත වන ආසාදිතයින් සංඛ්‍යාව 477 දක්වා ඉහළ යනු ඇති.   ------------------------------------------------------------------------------------------------------------------------

COLOMBO (News 1st) UPDATE 4.20pm: තවත් කොරෝනා ආසාදිතයින් 4ක් හඳුනා ගෙන තිබේ. 

සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ, ආසාදිතයින් සංඛ්‍යාව 471 දක්වා ඉහළ ගොස් ඇති බවයි.