COLOMBO (News 1st) : හෙට (27) සඳුදා රටපුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසුවන ලෙස ඇඳිරි නීතිය පනවන බවයි.
මේ අතර කොළඹ, ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය 28 අඟහරුවාදා අලුයම 5.00ට ඉවත් කර එදිනම රාත්‍රී 8.00සිට යළි ක්‍රියාත්මක කෙරෙනු ඇති.
