පළාත් කිහිපයකට ගිඟුරුම් සහිත වැසි

පළාත් කිහිපයකට ගිඟුරුම් සහිත වැසි

by Sagarika Chathumali 26-04-2020 | 6:25 PM
COLOMBO (News 1st) : බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගිඟුරුම් සහිත වැසි සමග එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං සහ ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවයි. අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි, එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.