ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ නිවාඩු අවලංගුයි

ත්‍රිවිධ හමුදාවේ සියලු සාමාජිකයින්ගේ නිවාඩු අවලංගුයි

by Sagarika Chathumali 26-04-2020 | 6:00 PM
COLOMBO (News 1st) : සියලුම ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කළ බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, නැවත දැනුම්දෙන තුරු ත්‍රිවිධ හමුදාවට අයත් නීලධාරි, සෙසු නිලයින්ගේ නිවාඩු සහ කෙටි නිවාඩු අවලංගු කළ බවයි. ඒ අනුව, දැනට නිවාඩු මත සිටින නීලධාරි සහ සෙසු නිලයින් කඩිනමින් තමන් සේවය කරන කඳවුරු වෙත වාර්තා කළ යුතු වේ. නිවාඩු මත සිටින නිලධාරි සහ සෙසු නිලයින් වහාම තමන් සේවය කරන කඳවුරේ ප්‍රධානියා හෝ වගකිවයුතු නිලධාරියෙකු දුරකථන මාර්ගයෙන් අමතා වැඩිදුර උපදෙස් ලබා ගැනීමට කටයුතු කළ යුතු බවද, ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.