UPDATE: කොරෝනා ආසාදිතයින් ගණන 452ක් දක්වා ඉහළට

UPDATE : සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 452ක් දක්වා ඉහළට

by Sagarika Chathumali 25-04-2020 | 8:15 PM

COLOMBO (News 1st) Update 9.42 PM - මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 452ක් දක්වා ඉහළගොස් තිබේ.

ඒ තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගැනීම හේතුවෙනි.

COLOMBO (News 1st) Update 9.15 PM - තවත් කොරෝනා ආසාදිතයින් 9 දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 449 දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් ගණන 29කි.

COLOMBO (News 1st) Update 7.25 PM - තවත් කොරෝනා ආසාදිතයින් 05දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 440ක් දක්වා ඉහළගොස් තිබේ.

COLOMBO (News 1st) Update 6.53PM - තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් ක‍ළේය.

ඒ අනුව මෙරට ආසාදිතයින් ගණන 435 දක්වා ඉහළගොස් තිබේ.

COLOMBO (News 1st) Update 6.15PM : අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 13 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ, ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 433 දක්වා ඉහළ යන බවයි. අද හඳුනාගත් ආසාදිතයින් මෙසේයි... *කාන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වු පුද්ගලයින් 7 දෙනෙක් *වැලිසර නාවික හමුදා කඳවුරෙන් නාවිකයින් 4 දෙනෙක්, *මොනරාගල රෝහලේ ප්‍රතිකාර ලබන එක් නාවික හමුදා සාමාජිකයෙක් *බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් අවුරුදු 12ක පිරිමි ළමයෙක් වශයෙනි.