by Staff writer 25-04-2020 | 12:46 PM
COLOMBO (News 1st) – කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමේ PCR පරීක්ෂණ පුළුල් කිරීම සඳහා අවශ්‍ය PCR යන්ත්‍ර 20කට ආසන්න සංඛ්‍යාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට සැලසුම් කර තිබේ.
ආර්ථීක පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය පැවසුවේ විශ්වවිද්‍යාල සහ වෙනත් රාජ්‍ය ආයතන සතු PCR යන්ත්‍ර එලෙස ලබාදීමට එකඟත්වය පළ කර ඇති බවය.
ඒ අනුව කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමේ PCR පරීක්ෂණ පුළුල් කිරීමට පියවර ගන්නා බව එම කාර්ය සාධක බලකාය සඳහන් කළේය.