වාහන ආනයනකරුවන්ට දැනුම්දීමක්

හම්බන්තොට වරායේ වාහන නිශ්කාශනය කර ගන්නැයි, දැනුම්දීමක්

by Staff writer 25-04-2020 | 2:42 PM
COLOMBO (News 1st): හම්බන්තොට වරාය පරිශ්‍රයේ ඇති වාහන 5000කට අධික සංඛ්‍යාවක් නිශ්කාශනය කර ගන්නා ලෙස හම්බන්තොට ජාත්‍යන්තර වරාය වාහන ආනයනකරුවන්ගෙන් ඉල්ලා සිටී. නිවේදනයක් නිකුත් කරමින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සඳහන් කළේ, අත්‍යවශ්‍ය සේවා සඳහා වරාය පරිශ්‍රය නිරවුල්ව තබා ගන්නා ලෙසට රජය ලබා දුන් උපදෙස් අනුව එම පියවර ගත් බවයි. වරායෙන් නිශ්කාශනය කරන වාහන සඳහා මාර්තු 16 සිට අප්‍රේල් 30 දක්වා කාලය තුළ ප්‍රමාද ගාස්තු ඉවත් කරන බවට වරාය බලධාරීන් මීට පෙර දැනුම් දී තිබිණ. ඒ අනුව, වාහන 6500කට අධික සංඛ්‍යාවකින් මේ වන විට නිශ්කාශනය කර ඇත්තේ, වාහන 1000ක් පමණයි. පැය 24 පුරා ක්‍රියාත්මක වරාය මෙහෙයුම් තුළින් මේ මස අග වන විට වාහන නිශ්කාශනය අවසන් කිරීමට හැකිවනු ඇතැයි, හම්බන්තොට වරයා බළධාරීහු සඳහන් කළහ. නිශ්කාශන කටයුතු පහසුකිරිම සඳහා සියලුම රාජ්‍ය දෙපාර්තමේන්තු මෙහෙයුම් කටයුතු සිදුකරනු ඇති. ප්‍රමාද ගාස්තු අය නොකිරිමේ සහනය අප්‍රේල් 30 වනදායින් පසු යළි දීර්ඝ නොකරන බව හම්බන්තොට වරයා බලධාරීහු සඳහන් කළහ.