මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව 27 සිට වැඩ අරඹයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව 27 සිට වැඩ අරඹයි

by Staff writer 25-04-2020 | 4:45 PM
COLOMBO (News 1st) : ලබන 27 වනදා සිට සාමාන්‍ය සේවා කටයුතු ආරම්භ කිරීමට තීරණය කළ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එහි කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා සඳහන් කළේ, කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර, කෑගල්ල, සහ අම්පාර යන දිස්ත්‍රික්කවල හැර සෙසු දිස්ත්‍රික්කවල කටයුතු එලෙස ඇරඹෙන බවයි.