by Staff writer 25-04-2020 | 3:02 PM
COLOMBO (News1st) : ඉන්දියාවේ සිටි තවත් ශ්‍රී ලාංකික සිසුහු 163 දෙනෙක් අද දිවයිනට පැමිණියහ.
ශ්‍රී ලංකන් ගුවන් සේවය පැවසුවේ, ඒ සඳහා විශේෂ යානයක් අද පෙරවරුවේ මුම්බායි බලා පිටත්ව ගිය බවයි.
අද පස්වරු 2.25ට එම විශේෂ ගුවන් යානය මුම්බායි නුවර සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණියේ ය.
එම විශේෂ ගුවන් යානයෙන් සිසුන් 166 දෙනෙකු මෙරටට පැමිණීමට නියමිතව තිබුණ ද, සිසුන් තිදෙනෙකු සූදානමකින් පසු නොවීම හමුවේ, සිසුන් 163 දෙනෙකු පමණක් මෙරටට පැමිණියහ.
එලෙස දිවයිනට ගෙන්වා ගත් සිසුන් දින 21 ක කාලයක් නිරෝධායනයට ලක් කෙරෙන අතර, PCR පරීක්ෂණ සඳහා ද යොමු කිරීමට කටයුතු කරනු ඇති.
මේ අතර, තවදුරටත් ඉන්දියාවේ සිටින සිසුන් ඇතුළු 1000ක් සහ බංග්ලාදේශයේ සිටින සිසුන් 80 දෙනෙකු ද පියවරෙන් පියවර මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති කාර්යාලය පැවසී ය.