COLOMBO (News 1st): කවරකු හෝ නිවසෙන් බැහැර යා යුත්තේ ආහාර සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලට ගැනීමට පමණක් බවත් එවැනි භාණ්ඩ මිලදී ගැනීමට තම ප්‍රදේශයේ පිහිටි පා ගමනින් ගොස් ළඟා විය හැකි ආසන්නතම වෙළෙඳසැළ පමණක් තෝරාගත යුතු බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
අත්‍යාවශ්‍ය කාර්යයන් සඳහා වුවද නිවසෙන් බැහැර යාමට පුද්ගලයනට අවසර දෙනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කර ගනිමින් පමණක් බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
ඒ අනුව නිවසින් බැහැරව යාමට අවසර ලැබෙන්නේ මෙසේය.
සඳුදා - හැඳුනුම්පතේ අවසාන අංකය 1 හෝ 2 ඇති අය
අඟහරුවාදා - හැඳුනුම්පතේ අවසාන අංකය 3 හෝ 4 ඇති අය
බදාදා - හැඳුනුම්පතේ අවසාන අංකය 5 හෝ 6 ඇති අය
බ්‍රහස්පතින්දා - හැඳුනුම්පතේ අවසාන අංකය 7 හෝ 8 ඇති අය
සිකුරාදා - හැඳුනුම්පතේ අවසාන අංකය 9 හෝ 0 ඇති අය
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත පරිදි වේ.
