මීගමුවේ මත්ස්‍ය වෙළඳසැලේ තෙවැනි අලෙවි සැලත් වැසේ

මීගමුව, දූවපිටිපන වීදිය මත්ස්‍ය වෙළඳසැලේ තුන්වැනි අලෙවිසැලත් වසා දමයි

by Staff writer 24-04-2020 | 1:33 PM

COLOMBO (News 1st) - මීගමුව, දූවපිටිපන වීදියේ මත්ස්‍ය වෙළෙඳසැලේ තත්ත්වය සොයා බැලීම සඳහා අප වාර්තාකරු එහි සංචාරය කළේ ය.

එහි මාළු අලෙවිකරන තුන්වැනි අලෙවි සැලත් වසා දැමීමට ඊයේ තීරණය කෙරුණේ විශාල පිරිසක් පැමිණීම හේතුවෙනි. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ මධ්‍යස්ථානයේ අලෙවි කටයුතු සීමා කිරීම හේතුවන් මීගමුව, දූවපිටිපන වීදියේ මත්ස්‍ය වෙළෙඳ මධ්‍යස්ථාන තුනටම පසුගිය දිනවල විශාල පිරිසක් පැමිණ සිටියේ ය. අවස්ථා කිහිපයකදී එය වසා දැමීමට තීරණය කළේ, පරිපාලන කටයුතු සිදු කිරීමට නිලධාරීන්ට අපහසු වූ බැවිනි. එක් අලෙවි මධ්‍යස්ථානයක් විවෘතව තිබු අතර එයට ද පසුගිය දා විශාල පිරිසක් පැමිණි බව අප වාර්තාකරු පැවසුවේ ය. අප වාර්තාකරු පැවසුවේ, සුළු ව්‍යාපාරිකයින්, මාර්ගය දෙපස සිට මාළු අලෙවි කිරීමේ නිරතව සිටි බවයි.