නේපාලයේ සිරවී සිටි ලාංකික සිසුන් 76ක් දිවයිනට

නේපාලයේ සිරවී සිටි ලාංකික සිසුන් 76ක් දිවයිනට

by Staff writer 24-04-2020 | 4:08 PM

COLOMBO (News 1st) - නේපාලයේ සිරවී සිටි ලාංකික සිසුන් 76 දෙනෙකු අද පස්වරුවේ ශ්‍රීලංකන් ගුවන් යානයකින් මෙරටට රැගෙන ආ බව ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහන් කළේය.

නේපාලයේ, කත්මන්ඩු නුවර සිටින සිසුන් රැගත් ගුවන් යානයක් අද පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළට ළඟා විය. මේ අතර, ඉන්දියාවේ අමිර්තසාර් හි සිරවී සිටි ශ්‍රි ලාංකික සිසුන් 101 දෙනෙකු ඊයේ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් මෙරටට රැගෙන එනු ලැබිණි. පසුගිය 21 වැනිදාත් පකිස්ථානයේ සිට ශ්‍රී ලාංකික සිසුන් 113 දෙනෙකු මෙරටට රැගෙන ඒමට කටයුතු කර තිබුණි.
colombo:

කොළඹ

English - Sinhala