දිනක් තුළ PCR පරීක්ෂණ1142 ක්

දිනක් තුළ PCR පරීක්ෂණ 1142 ක් - සෞඛ්‍ය අමාත්‍යාංශය

by Staff writer 24-04-2020 | 10:46 AM

COLOMBO (News 1st) - මෙරට එක්දිනක් තුළ සිදු කළ වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ දිනයේ සිදු කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, ඊයේ දිනයේ පරීක්ෂණ 1142 ක් සිදු කළ බවයි. මේ අතර PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා පෞද්ගලික අංශයේ රෝහල්වල සහාය ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පියවර ගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාත්මක ලෙස වැඩිවීමත් සමග ඔවුන්ගේ PCR පරීක්ෂණ කටයුතු පුළුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බවය.