by Staff writer 24-04-2020 | 1:57 PM
News 1st - කොරෝනා ආසාදනයට ලක්ව සිටි බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු සුවය ලැබීමෙන් අනතුරුව පළමුවරට මාධ්‍ය හමුවේ පෙනී සිටියේ ය.
මේ දිනවල ස්කොට්ලන්තයේ වාසය කරන ඔවුන් එහිදී ක්ලැප් ෆෝ චියර්ස් "Clap for Carers" නම් වූ චාරිත්‍රයට එක් වෙමින් අත්පොලසන් දුන්නේ ය.
බ්‍රිතාන්‍ය රාජකීය චාරිත්‍රවලට අනුව ඔටුන්න හිමි අයෙකු වසංගත රෝගයකින් සුවය ලැබූ පසු මෙලෙස අත්පොලසන් දී මහජනයා අබියස පෙනී සිටීම සිදු කෙරේ.
එහි අරමුණ වන්නේ එවැනි වසංගතයක් පැතිරෙන සමයේ එය පාලනය කිරීමට දායක වන පුද්ගලයන්ට සිය ගෞරවය පිරිනැමීමයි.
බ්‍රිතාන්‍යයේ 138,070කට අධික පිරිසක් කොරෝනා ආසාදිතයන් බවට පත්ව ඇති අතර මිය ගිය පිරිස 18,730 ඉක්මවා ඇත.
එරට තුළ අත්‍යවශ්‍ය සේවා ලබා දෙන පුද්ගලයන් ඇගයීම සඳහා අත්පොලසන් දීම, වාහනවල විදුලි පහන් දැල්වීම වැනි විවිධ දේ සිදු කෙරේ.