UPDATE:කොරෝනා ආසාදිතයින් ගණන 417ක් වෙයි

UPDATE: කොරෝනා ආසාදිතයින් ගණන 417ක් දක්වා ඉහළට

by Chathuranga Rajapaksha 24-04-2020 | 11:00 PM
COLOMBO (News 1st): UPDATE / 11.00PM - තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 417ක් දක්වා ඉහළගොස් තිබේ.

COLOMBO (News 1st): 8.23PM -  අද දිනයේ මේ වනවිට පමණක් කොරෝනා ආසාදිතයින් 48 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 416ක් දක්වා ඉහළගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. අද දිනයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් නිරෝධායන මධ්‍යස්ථානවල සහ නිවාසවල නිරෝධායනයට ලක්වෙමින් සිටින කොළඹ 12, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ 11 දෙනෙකු සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. මීට අමතරව වැලිසර නාවික හමුදා කදවුරේ තවත් 30 දෙනෙකු කොරෝනා ආසාදිතව සොයා ගැනිණි. 5 දෙනෙකු නිවාඩු ලබාගොස් සිටින නාවික හමුදා සාමාජිකයින් වේ. ඔවුන් රත්නපුර හිදිල්ල, කුරුණෑගල පොල්ගහවෙළ උඩපොළ ප්‍රදේශයෙන්, කුරුණෑගල කිනීයාපොළ, බදුල්ල ගිරාදුරුකෝට්ටේ පහල රත්කිද සහ මහනුවර දඹුල්ල අත්බෝධිවැව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. තවත් රෝගියෙකු සොයාගනු ලැබුවේ මරාදාන ප්‍රදේශයේ පදිංචි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.