කොරෝනා ආසාදිතයින් ගණන 414ක් වෙයි

සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 414ක් දක්වා ඉහළට

by Staff writer 24-04-2020 | 6:15 PM

Update (6.15 P.M): මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 414 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි

මේ අතර වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් 30 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ද යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව වැලිසර නාවික හමුදා කඳවුරේ සමස්ත ආසාදිත පිරිස 60 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.  

Update (5.20 P.M):  තවත් කොරෝනා ආසාදිත රෝගීන් 6 දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව, අද දිනයේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු හඳුනා ගත්බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ ය. නිරෝධායන මධ්‍යස්ථානවලින් හා කොළඹ 12 බණ්ඩාරනායක මාවතෙන් මෙම ආසාදිතයින් හමුවූ බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තවදුරටත් සඳහන් කළේ ය. ඒ අනුව සමස්ත ආසාදිතයින් ගණන 379 දක්වා ඉහළ ගොස් තිබේ.

COLOMBO (News 1st)  (12.21 P.M) - තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ සමග මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 373 ක් දක්වා ඉහළ ගොස් තිබේ. වැලිසර නාවික හමුදා කඳවුරෙන් කොරෝනා අසාදනය වූ 28 දෙනෙකු ඊයේ සොයා ගැනිණි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ සංඛ්‍යා ලේඛනවලට අනුව ඊයේ ආසාදිතයින් 38 දෙනෙකු වාර්තා විය. මේ අතර කොරෝනා බවට සැකපිට රෝගීන් 254 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කොරෝනා අසාදනය වූ රෝගීන් 107 දෙනෙකු සුවය ලබා ඇති අතර මෙරට මිය ගිය රෝගීන් ගණන 7කි.