by Staff writer 24-04-2020 | 2:30 PM
COLOMBO (News 1st) - වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් ගැවසුණු ස්ථාන පිළිබඳව ආරක්ෂක හා සෞඛ්‍ය අංශවල දැඩි අවධානය යොමුව තිබේ.
අද අම්පාර දිස්ත්‍රික්කයේ ගම්මාන 04 කට ඇතුළුවීම හා පිටවීම සීමා කිරීමට පොලීසිය පියවර ගත්තේ ඒ අනුවයි.
උහන, දමන යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 03 ට අයත් ගම්මාන 04 ක ජනතාවට නිවෙස්වලින් පිටවීමට ඉඩ දුන්නේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණි.
රජවැව, මඩවලලන්ද හා පහළලන්ද සහ නවගිරියාව එම ගම්මානයි.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන 12 ක් තවදුරටත් හුදකලා කර තිබේ.
එම ගම්මාන වන්නේ, ලංකාපුර, වීරපුර, පුමාඩිය, පුලස්තිගම, අභයපුර, සෝමපුර, බෞද්ධාර්ථගම, සංඝබෝධිගම, අල්හිලාල්පුර, රිෆායිපුර, තඹාල සහ පටුනුගමයි.
වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළෙකු නිවෙස බලා පැමිණි අවස්ථාවේ දී ඔහු ආසාදිතයකු බවට තහවුරු වීමත් සමග අදාළ ගම්මාන හුදෙකලා කිරීමට පියවර ගැනුණි.
පොළොන්නරුව දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් අදත් එම අසාදිතයා ඇසුරු කළ පුද්ගලයින්ට අයත් නිවාස කිහිපයක ජනතාව ස්වයං නිරෝධායනයට යොමු කළේ ය.
පූමාඩිය ගම්මානයේ පවුල් 11 කට අයත් 43 දෙනෙකු මඩකලපුවේ නිරෝධායන මධ්‍යස්ථාන 2 ක් වෙත යොමු කර තිබේ.
ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හුදකලා කෙරුණු ගම්මාන 12 සෙසු පිරිස් ස්වයං නිරෝධායනයට ලක් කර ඇත්තේ නිවෙස් තුළදීය.
https://www.facebook.com/NewsfirstSL/videos/244361986924206/