Covid-19 අරමුදලට අගමැතිට ලැබුණු  මුදල් ජනපතිට

Covid-19 අරමුදලට අගමැතිට ලැබුණු මිලියන 11.97ක මුදලක් ජනපතිට භාරදෙයි

by Staff writer 23-04-2020 | 2:15 PM

COLOMBO (News 1st) - COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට බැර කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පරිත්‍යාග කළ මුදල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දී තිබේ.

විවිධ ආයතන මගින් පරිත්‍යාග කළ රුපියල් මිලියන 11.97 ක මුදලක් අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාට භාරදුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් ය. ප්‍රජා සවිබල ගැන්වීමේ හා වතු යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍යංශය, ශ්‍රී ලංකා තක්සේරු කරන්නන්ගේ සංගමය, වාහන ආනයනකරුවන්ගේ සංගමය ඇතුළු ආයතන කිහිපයක් මෙම පරිත්‍යාග ලබාදී ඇත.