වැලිසර නාවික හමුදා කඳවුරේ 30කට කොරෝනා

වැලිසර නාවික හමුදා කඳවුරේ 30 දෙනෙකුට කොරෝනා - යුද හමුදාපති

by Chathuranga Rajapaksha 23-04-2020 | 9:31 PM
COLOMBO (News 1st): වැලිසර නාවික හමුදා කඳවුරේ කොරෝනා ආසාදිත බවට හඳුනාගත් සාමාජිකයා ඇතුළු නාවිකයින් 30 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ හේතුවෙන් මේ වනවිට වැලිසර නාවික හමුදා කඳවුර හුදකලා කර ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. ජා-ඇල, සුදුවැල්ල ප්‍රදේශයේ පිරිස් නිරෝධායනයට යොමු කිරීමේ රාජකාරී කරන අවස්ථාවේදී ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කරගෙන ඇති බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. https://www.youtube.com/watch?v=UNOGEIiLhPw