ප්‍රධාන බෝග 14 ක් සඳහා සහතික මිලක්

යල කන්නයේ වගා කෙරෙන ප්‍රධාන බෝග 14 ක් සඳහා සහතික මිලක්

by Staff writer 23-04-2020 | 12:24 PM

COLOMBO (News 1st) - යල කන්නයේ වගා කෙරෙන ප්‍රධාන බෝග 14 ක් සඳහා සහතික මිලක් නියම කර තිබේ.

එම බෝග වගා කිරීම සඳහා අවශ්‍ය බීජ රජය මගින් නොමිලේ ලබාදෙන බව සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවේදී පැවසීය. ඉදිරි සතිය තුළදී මෙරට ඇතිව තිබෙන පොහොර හිඟය මගහැරී යනු ඇතැයි සමකැබිනට් ප්‍රකාශක, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා එහිදී සඳහන් කළේ ය. ඔහු ඒ බව පැවසුවේ, පසුගිය දිනවල දිවයින පුරා පැවැති බව කියන පොහොර හිඟයට ප්‍රතිචාර වශයෙනි.