පොල්පිතිගමදී කුකුළු මස්, බිත්තර වෙළෙඳුන්ට වැඩ වරදී

පොල්පිතිගමදී අනාරක්ෂිතව කුකුළු මස් සහ බිත්තර අලෙවි කළ ⁣වෙළෙඳුන්ට වැඩ වරදී

by Staff writer 23-04-2020 | 7:34 AM

COLOMBO (News 1st) - පොල්පිතිගම නගරයේදී අනාරක්ෂිතව කුකුළු මස් සහ බිත්තර ප්‍රවාහනය කර ලොරි රථ 6 ක් පොල්පිතිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල නිලධාරී භාරයට ගෙන තිබේ.

මේ වැටලීම සිදු කරන ලද්දේ පොල්පිතිගම සතිපොළ භූමියේදීය. මෙහිදී අත්අඩංගුවට ගත් අනාරක්ෂිතව ආහාර අලෙවි කරන වෙළෙන්ඳන් ඇතුළු ලොරි රථ රියැදුරන් පොල්පිතිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට රැගෙන ගිය අතර එහිදී ඔවුනට කොරෝනා තත්ත්වය යටතේ ආරක්ෂිතව ආහාර විකිණීම සම්බන්ධව දේශනයකට සහභාගි වීමට සිදු විය. මේ අතර පොල්පිගිතම නගරයේ බස් නැවතුම්පොළ පිරිසිදු කිරීමේ කටයුතු ඊයේ සිදු කර ඇත. ඒ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සේවකයන්,පොලීසිය සහ වෙළෙන්ඳන්ගේ සහභාගීත්වයෙනි. ඉන් අනතුරුව නාවික හමුදාවේ සෙබළුන් විසින් නගරය විෂබීජහරණය කරනු ලැබිණි. https://www.facebook.com/NewsfirstSL/videos/677570636408757/