දැඩි සුළඟකින් ප්‍රදේශ රැසකට හානි

දැඩි සුළඟකින් ප්‍රදේශ රැසකට හානි

by Staff writer 23-04-2020 | 4:30 PM

COLOMBO (News 1st) - ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර ඊයේ පස්වරුවේ හමාගිය තද සුළඟකින් මහවිලච්චිය සහ දැදිගම ප්‍රදේශවල නිවාස කිහිපයක විදුලිබල පද්ධතියට හානි සිදුව තිබේ. මහවිලච්චිය, ඔයාමඩුව ප්‍රදේශය හරහා හමාගිය සුළඟින් නිවාස කිහිපයක සහ විදුලි රැහැන් පද්ධතියට හානී වී ඇත. එම ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් ද කඩා වැටී තිබේ. සුළඟින් ප්‍රදේශයේ අක්කර දෙකක ගස්ලබු වගාවකට ද හානි සිදුව තිබේ. මේ අතර, ඊයේ පස්වරුවේ දැදිගම කිණිවිට ප්‍රදේශය හරහා හමාගිය සුළඟකින් ගස් කඩාවැටීමෙන් නිවාස 6 කට හානි සිදුව ඇත.