දඹුල්ලේ පහරදීමකින් 61 හැවිරිදි කාන්තාවක් මරුට

දඹුල්ලේ පහරදීමකින් 61 හැවිරිදි කාන්තාවක් මරුට

by Staff writer 23-04-2020 | 5:23 PM

COLOMBO (News 1st) - දඹුල්ල, වැලිහේනකොළනිය ප්‍රදේශයේ සිදුකළ පහරදීමකින් 61 හැවිරිදි කාන්තාවක් මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙලෙස පහරදී ඇත්තේ සිය දියණියගේ ස්වාමි පුරුෂයා බව ද පොලිසිය සඳහන් කළේය. සිද්ධියෙන් තුවාල ලැබූ දියණිය සහ අසල්වැසියෙකු දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි. සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.