ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු අඟවීමක්

කොරෝනා වෛරසය තව ත් දිගු කලක් පැවතිය හැකියි - WHO අනතුරු අඟවයි

by Staff writer 23-04-2020 | 8:07 AM

News 1st - කොරෝනා වෛරසය තව ත් බොහෝ කාලයක් පැවතිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවා තිබේ.

එහි ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම්, අප්‍රිකාව, නැගෙනහිර යුරෝපය, මධ්‍යම අමෙරිකාව සහ දකුණු අමෙරිකාව යන රටවල COVID - 19 රෝගීන්ගේ ඉහළ ප්‍රවණතා පිළිබඳව අනතුරු අඟවමින් මේ බව ප්‍රකාශ කළේ ය. වෛරසය පාලනයට ගෙන ඇතී සීමාවන් ලිහිල් කිරීම තුළින් වෛරසය නැවත ව්‍යාප්ත විය හැකි බව ද ඔහු ප්‍රකාශ පැවසීය. මේ වනවිට ලොව පුරා රටවල් 210 ක පුද්ගලයින් විසි හය ලක්ෂ තිස් හය දහසකට අධික පිරිසකට කෙරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. වෛරසයෙන් මිය ගිය පිරිස එක්ලක්ෂ අසූ පන් දහසකට ආසන්න වෙමින් පවති. මේ වනවිට වෛරසය ආසාදනයෙන් සම්පූර්ණයෙන් සුවය ලැබූ පිරිස හත් ලක්ෂ 17,471ක්.