ශ්‍රී ලාංකික සිසුන් 101ක් දිවයිනට

ඉන්දියාවේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් 101ක් රැගත් විශේෂ යානය දිවයිනට

by Chathuranga Rajapaksha 23-04-2020 | 2:56 PM

COLOMBO (News 1st): ඉන්දියාවේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් 101 දෙනෙකු රැගත් ‍ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබස්වා තිබේ.

ඉන්දියාවේ අධ්‍යයන කටයුතු සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් මෙලෙස දිවයිනට රැගෙන එනු ලැබිණි. ගුවන් යානයේ පැමිණියේ ඉන්දියාවේ, අමිර්තසාර් සිටය.