කොරෝනා ආසාදිතයින් ගණන 335ක් වෙයි

අද හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 5න් 4ක්ම කොළඹ බණ්ඩාරනායක මාවතෙන්

by Staff writer 23-04-2020 | 5:27 PM

COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ ය.

ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 335 දක්වා ඉහළ ගොස් තිබේ. අද දින තුළ කොරෝනා ආසාදිතයින් 05 දෙනෙකු හඳුනා ගනු ලැබිණි. ඉන් 04 දෙනෙකු කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් සොයාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ ය.