by Staff writer 22-04-2020 | 4:30 PM
COLOMBO (News 1st) - හැටන් ප්‍රද්ශයේ මත්පැන් අලෙවි සැලකින් , මත්පැන් සොරකම් කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු සොයා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
අද අලුයම 3.30 පමණ මත්පැන් හලේ පසුපස බිත්තිය කඩා සොරකම සඳහා කිසියම් අයෙකු උත්සාහ කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය යටතේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.
---------------
මේ අතර ඇඳිරි නීති කාලසීමාව තුළ වැඩි මිලට අලෙවි කිරීමට සූදානම් කර තිබූ මත්පැන් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු කහවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
සැකකරුවන් මෙම මත්පැන් තොගය මිලදී ගෙන ඇත්තේ ඊයේ උදෑසන බව ද පොලීසිය සඳහන් කළේය.