පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ විෂබීජහරණය කෙරේ

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ විෂබීජහරණයට ලක් කෙරේ

by Staff writer 22-04-2020 | 11:26 AM

COLOMBO (News 1st) - පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළෙහි සියලුම පරිශ්‍රයන් නාවික හමුදාව විසින් විෂබීජහරණයකට ලක් කරනු ලැබ තිබේ.

පසුගිය දා පිළියන්දල ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාදිතයෙකු සොයා ගැනීමත් සමගම එම පුද්ගලයා ගැවසුණු ස්ථාන සොයා විෂබීජහරණය කිරීමේ කටයුතු සිදු කෙරේ. නාවික හමුදාව පැවසුවේ, ඒ අනුව ඔහු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළෙහි ගැවසී ඇති බවට ලද තොරතුරුවලට අනුව නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඒකකය විසින් එම වෙළෙඳපොළ පරිශ්‍රය ඊයේ පූර්ණ විෂබීජහරණයකට ලක් කළ බවයි. මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ මධ්‍යස්ථානයේ සිල්ලර වෙළෙඳාම තාවකාලිකව අත්හිටවනු ලැබුවේ ය. ඒ අනුව පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ මධ්‍යස්ථානයේ වෙළෙඳ කටයුතු තොග වෙළෙඳාමට පමණක් සීමා කෙරෙනු ඇති. එබැවින් සිල්ලර වෙළෙඳ කටයුතු සිදු කිරීමේ අරමුණින් සහ සිල්ලරට මාළු මිලදී ගැනීමේ අරමුණින් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ මධ්‍යස්ථානය වෙත ප්‍රවේශවීමෙන් වළකින ලෙස ධීවර අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටි.