ඇඳිරි නීතිය අස්සේ විනාශ කළ ආලම්කුලම් රක්ෂිතය

ඇඳිරි නීතිය අස්සේ විනාශ කළ ආලම්කුලම් රක්ෂිතය

by Staff writer 22-04-2020 | 5:00 PM

COLOMBO (News 1st) - ත්‍රීකුණාමලය කුච්චවේලි හා ගෝමරන්කඩවල අතර ඇති ආලම්කුලම් රක්ෂිතයේ අක්කර 15 ක් පමණ සම්පූර්ණයෙන් විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කිසියම් පිරිසක්, භූමිය අල්ලා ගැනීමේ අරමුණින් මෙම විනාශය සිදුකළ බවට වාර්තා වේ. එහිදී පලු, විර, කළුමැදිරිය, කළුවර වැනි වටිනා ශාක රැසක් කපා දමා තිබූ අතර මේ පිළිබඳව සොයා බැලීම සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සහ අරසිමලේ විහාරස්ථානයේ විහාරාධිපති පනාමුරේ තිලකවංශ නාහිමියන් ඇතුළු පිරිසක් එම ස්ථානයට පැමිණියේය. එහිදී නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීටම අදාල අංශවලට උපදෙස් දුන් බවයි.