අද රාත්‍රීයේ ප්‍රදේශ රැසකට මහ වැසි

අද රාත්‍රී කාලයේ දිවයිනේ ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලෙන ලකුණු…

by Staff writer 22-04-2020 | 4:02 PM

COLOMBO (News 1st) - බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු , ඌව සහ උතුරු මැද පළාත්වලත් අම්පාර, මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවයි. මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල, හම්බන්තොට හා පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරලට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරි වලාකුළු පද්ධතිය හේතුවෙන් ඉහත සඳහන් මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි අතර සුළං වේගය ක්ෂණිකව ඉහළ යාමට ඉඩ ඇති හෙයින් මුහුදු ප්‍රදේශ රළුවීමට වැඩි හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.