දිවයින වටා මුහුදු ආශ්‍රිතව තද සුළං

ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලෙන ලකුණු...

by Staff writer 22-04-2020 | 8:02 AM

COLOMBO (News 1st) - පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි සහ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ මහතා පැවසුවේ, අදාළ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 සිට 80 දක්වා ක්ෂණිකව ඉහළ යාමට ඉඩ ඇති බවය. දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බව ද ඔහු පැවසුවේ ය.