තිඹිරිගොල්ල රක්ෂිතයේ බුරුත පැටවූ 9කට වැඩ වරදී

ලාහුගල, තිඹිරිගොල්ල රක්ෂිතයේ බුරුත පටවන්න ගිය 9කට වැඩ වරදී

by Staff writer 21-04-2020 | 5:12 PM

COLOMBO (News 1st) - අම්පාර , ලාහුගල, තිඹිරිගොල්ල රක්ෂිතයේ නීති විරෝධී ලෙස ප්‍රවාහනයට සූදානම් කර තිබූ, බුරුත දැව තොගයක් සමග සැකකරුවන් 9 දෙනෙකු වනසංරක්ෂණ නිලධාරීන් භාරයට ගෙන තිබේ.

දැව ප්‍රවාහනයට සූදානම් කර තිබූ ට්‍රැක්ටර් තුනක් ද නිලධාරීන් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් පොතුවිල්, කෝමාරි ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි. ඔවුන් අද දින පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.