පිළියන්දල 74ක් නිරෝධායනයට

පිළියන්දල කොරෝනා ආසාදිතයා ඇසුරු කළ 74ක් ස්වයං නිරෝධායනයට

by Staff writer 21-04-2020 | 6:02 PM

COLOMBO (News 1st) - පිළියන්දල, නිවන්තිඩිය ප්‍රදේශයෙන් සොයාගත් කොරෝනා ආසාදිත පුද්ගලයා ඇසුරුකළ නිවාස 18 ක පුද්ගලයින් 74 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල මහතා සඳහන් කළේ, එම පුද්ගලයින්ගෙන් 11 දෙනෙකුගේ P.C.R පරික්ෂණ අද පස්වරුවේ සිදුකරන බවයි. මෙම කොරෝනා ආසාදිත පුද්ගලයා ට හිමි කහතුඩුව වෑතර පිහිටි වෙළදසැලෙන් මාළු ලබාගත් පුද්ගලයින් සිටීනම් තමන් දැනුවත් කරන ලෙස කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දනුක පද්මරාජා මහතා සඳහන් කළේය.