ප්‍රදේශ කිහිපයකට මහ වැසි ඇතිවිය හැකියි

ප්‍රදේශ කිහිපයකට මහ වැසි ඇතිවිය හැකියි

by Staff writer 21-04-2020 | 5:42 PM

COLOMBO (News 1st) - බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ, ඌව , උතුරුමැද පළාත්වලත්, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලට ඇතැම් ස්ථානවලටත් අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම පළාත්වලටත් අනුරාධපුර , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි ඇතිවනවිට අකුණු සහ තද සුළං මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර ගල්නෑව, මිදෙල්ලෑව සහ හල්මිල්ලෑව, මුලන්නටුව ප්‍රදේශ හරහා හමාගිය තද සුළඟකින් නිවාස කිහිපයකට සහ වගාබිම් රැසකට ද හානි සිදුවිය.