පකිස්ථානයේ සිටි ලාංකික සිසුන් 113 ක් දිවයිනට

පකිස්ථානයේ සිටි ලාංකික සිසුන් 113 ක් රැගත් යානයක් කටුනායකට

by Staff writer 21-04-2020 | 6:37 PM

COLOMBO (News 1st) - උසස් අධ්‍යාපනය හැදෑරීමට පකිස්ථානයට ගොස් මෙරටට පැමිණීමට නොහැකිව සිටි සිසුන් 113 දෙනෙකු අද පස්වරුවේ දිවයිනට පැමිණයහ.

කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා පැවසුවේ, එම පිරිස රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 1206 දරන ගුවන් යානය සවස 6.05 ට කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබැස් වූ බවයි. එම සිසුන් මෙරටට රැගෙනවිත් දෙන ලෙසට ඔවුන්ගේ දෙමව්පියන් රජයෙන් ඉල්ලීමක් කර තිබුණි. එම ඉල්ලිම සලකා බැලීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැදිහත්ව එම සිසුන් මෙරටට රැගෙන ඒමට කටයුතු යොදන ලෙස නිලධාරින්ට උපදෙස් ලබාදී තිබුණි.
colombo:

කොළඹ

English - Sinhala