නිරෝධායනය වූ තව ත් 149 ක් අද සිය නිවෙස් වෙත

නිරෝධායනය වූ තව ත් 149 ක් අද සිය නිවෙස් වෙත

by Staff writer 21-04-2020 | 10:35 AM

COLOMBO (News 1st) - නිරෝධායන මධ්‍යස්ථානවල සිටි තවත් 149 දෙනෙකු අද සිය නිවෙස් කරා පිටත්ව යාමට නියමිතය.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථානවල පුද්ගලයින් 1749 දෙනෙකු රඳවා සිටින බවයි. නිරෝධායන මධ්‍යස්ථාන 19 ක් මේ වනවිට ක්‍රියාත්මක බව ද යුද හමුදාපතිවරයා පැවසීය.