by Staff writer 21-04-2020 | 5:58 PM
UPDATE (5.50 P.M) – අද දින තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, සමස්ත ආසාදිතයින් ගණන 310 දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
COLOMBO (News 1st) (12.00 P.M) - මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 309 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ, අද දිනයේ තව ත් ආසාදිතයින් 5 දෙනෙකු බණ්ඩාරනායක මාවත වතු ආශ්‍රිත ප්‍රදේශයෙන් හඳුනා ගැනීමත් සමගය.
ඊයේ දිනයේ ද මෙරටින් කොරෝනා ආසාදිතයින් 33 දෙනෙකු හමු වූ අතර එය මෙරට දිනක් තුළ හඳුනා ගත් වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද වේ.
ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් 33 දෙනා අතරින් අවසන් වරට හමු වූ ආසාදිතයින් දෙදෙනා පිළියන්දල සහ බොරැලැස්ගමුව ප්‍රදේශවලින් හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ ය.
අද දිනයේත් නිරෝධායන කාලය අවසන් කළ පිරිසක් නිවෙස් බලා පිටත්ව යාමට නියමිත බව යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය.